ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඕස්ට්‍රේලියානු සිහිනය බොඳ වූ ලාංකිකයෝ (වීඩියෝව)

ඕස්ට්‍රේලියාව විසින් මෑතදී හඳුන්වා දුන් දැඩි සංක්‍රමණික නීති හේතුවෙන් නීති විරෝධී ලෙසින් ඕස්ට්‍රේලියාවට ලඟා වීමට තැත් කළ බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ සිහිනය බොඳ වී තිබේ.

දෙදහස් නමයේදී යුද්ධය නිමා වීමෙන් අනතුරුව දහස් ගණන් ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන්ම දෙමළ ජාතිකයන් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට පලා යාමට උත්සාහ කළ නමුත්, එසේ ලඟා වන සියලු දෙනාම පාහේ යලි ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීහු දැන් ක්‍රියා කරමින් සිටිති.

එසේ පිටුවහල් කෙරුණු දෙමළ ජාතිකයන් පිරිසක් හමුවීමට මඩකලපුවට ගිය කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් ඉදිරිපත් කරන වාර්තාවක් මේ.

(වීඩියෝ සටහන ඉංග්‍රීසි භාෂාවෙන්)