ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මීටර දහ අටක් උස රබර් තාරාවෙක්

මීටර දහ අටක් පමණ උසැති රබර් තාරාවෙක් චීනයේ බෙයිජිං නුවර උද්‍යාන ජලාශයක ප්‍රදර්ශනයට තබා ඇත.

සංචාරකයන්ගේ සිත් බැඳ ගත් මෙම තාරාවා නිර්මාණය කෙරුණේ නෙදර්ලන්තයේ කලාකරුවකු වන ෆ්ලොරෙන්ටිජ්න් හොෆ්මාන් අතින්.

මීට පෙර හොංකොං හි වික්ටෝරියා වරායේ පා කෙරුණු තාරාවා ලබන මාසයේදී බෙයිජිං හි තවත් ජලාශයකට ගෙන යාමට නියමිතයි.