ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ප්‍රහාරකයන් රැසක් 'පලා ගිහින්' - නයිරෝබිවාසී ශ්‍රී ලාංකිකයෙක්

කෙන්යාවේ නයිරෝබි නගරයේ සාප්පු සංකීර්ණයකට එල්ල වූ ප්‍රහාරයෙන් අනතරුව ප්‍රහාරකයින් හඹා යමින් සිටින බව බලධාරීහු පවසති.

Image caption ජනාධිපතිවරයා තුන් දින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය

ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් හැට එක් දෙනකු සහ ආරක්ෂක හමුදා නිලධාරීන් හය දෙනකු මියගොස් ඇති බව ජනාධිපති උහුරු කෙන්යාටා ප්‍රකාශ කරයි.

රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ඒ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, බදාදා සිට තුන් දින ජාතික ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කළේය.

නයිරෝබි අගනුවර සිට බීබීසී සංදේශය සමඟ අදහස් දැක්වූ ශ්‍රී ලාංකිකයකු වන වසන්ත රණසිංහ කියා සිටියේ ප්‍රහාරකයින් රැසක්ම මේ වන විට පලා ගොස් ඇතැයි විශ්වාස කෙරෙන බවයි.

ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනකු හෝ තිදෙනකුත්, බ්‍රිතාන්‍ය පුරවැසියෙකුත් ප්‍රහාරයට සම්බන්ධ බවට වාර්තා පළ වන අතර ඔවුනුත් පලා යන්නට ඇතැයි විශ්වාස කෙරෙන බවද වසන්ත රණසිංහ පැවසීය.