ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නයිරෝබි ප්‍රහාරයෙන් පසු කෙන්යාවේ දින තුනක ශෝක කාලයක්

  • 2013 සැප්තැම්බර් 24

කෙන්යාවේ නයිරෝබි අගනුවර සාප්පු සංකීර්ණයකට එල්ල වූ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් හැට එක් දෙනකු සහ ආරක්ෂක හමුදා නිලධාරීන් හය දෙනකු මියගොස් ඇති බව ජනාධිපති උහුරු කෙන්යාටා පවසයි.

රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ඒ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, බදාදා සිට තුන් දින ජාතික ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කළේය.

ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනකු හෝ තිදෙනකුත්, බ්‍රිතාන්‍ය පුරවැසියෙකුත් ප්‍රහාරයට සම්බන්ධ බවට පළවන වාර්තා තමන්ට සනාථ කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.

ප්‍රහාරකයන්ගේ අනන්‍යතාවය සොයා ගැනීම පිණිස අධිකරණ වෛද්‍ය විශේෂඥයන් පරීක්ෂණ පවත්වමින් සිටින බවයි, ජනාධිපති කෙන්යාටා පවසන්නේ.

සෙනසුරාදා ආරම්භ වූ ප්‍රහාරයේදී සාප්පු සංකීර්ණයේ මහල් තුනක් කඩා වැටී තිබෙන අතර, තවත් මළසිරුරු එහි සිරවී තිබෙන බවයි, විශ්වාස කෙරෙන්නේ.