ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සංක්‍රමණිකයන් සිය ගණනක් මුහුදට බිලි

අප්‍රිකානු සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ඉතාලියට නුදුරු මුහුදේ අනතුරට පත්වීමෙන් බොහෝ පිරිසක් මිය ගොස් තිබේ.

මේ වන විට මළ සිරුරු අනූවකට අධික ප්‍රමාණයක් ගොඩ ගෙන ඇති අතර තවත් දෙසීයකට අධික පිරිසකට සිදු වූ දෙයක් තවමත් නො දන්නා බවයි ඉතාලි බලධාරීන් පවසන්නේ.

මිය ගිය අය අතර ළමුන් සහ ගැබිණි කාන්තාවන්ද සිටින බව වාර්තා විය.

බේරා ගැනීමේ කටයුතු තවමත් සිදු වන බව සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ රෝම ශාඛාවේ ප්‍රකාශක ලොරෙන්ස් ජොල්ස් බීබීසීයට කියා සිටියේය.