ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අතුරුදහන්වූවන් සිටින්නේ ද නැද්ද යන්න පවසනවා - මැක්ස්වෙල් පරණගම

උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව මේ දිනවල පැමිණිලි බාර ගනිමින් සිටී.

ඊයේ බදාදා වන විට පැමිණිලි හැටකට වඩා වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි එම කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම සංදේශයේ අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ.

අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ නීති පද්ධතියක් ඇති බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුවක් ඇති බවත් පැවසූ ඔහු, මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය, නවී පිල්ලෙයි, යෝජනා කොට ඇති පරිදී ඒ සඳහා විශේෂ නියෝජිතයකුගේ අවශ්‍යතාවක් ඇති බව නොසිතන බවත් කියා සිටියේය.

අතුරුදහන්වූවන් ජීවතුන් අතර සිටින්නේ ද නැද්ද යන්න දැන ගැනීමට ඥාතීන්ට බලවත් වුවමනාවක් ඇති බව තමන් දන්නා බව පැවසූ එම කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම එම කාර්ය ඉටු කිරීමට තමා හැකි උපරිම උත්සාහය ගන්නා බවයි ප්‍රකාශ කළේ.