ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සාකච්ඡාවට සුදානම් -පකිස්තානයේ තාලිබාන් නායක

බීබීසි ය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ පකිස්තානයේ තාලිබාන් නායක හකිමුල්ලා මෙහ්සුඩ් කියා සිටියේ තමන් ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමට සුදානම් බවයි.

කෙසේ වෙතත් නියමුවන් රහිත ව ඇමරිකානු ගුවන් යානා එල්ල කරන ප්‍රහාර නතර කිරීමට සහ ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බව තාලිබාන් නායකයා වැඩි දුරටත් කියා සිටියේය.

පකිස්තානයේ මෑතක දී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලට තමන් සම්බන්ධ නැති බවද පකිස්තානයේ තාලිබාන් නායක හකිමුල්ලා මෙහ්සුඩ් ප්‍රකාශ කළේය.