ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුද අපරාධ ගැන ‘ජාත්‍යන්තර පරීක්ෂණයක් අනවශ්‍යයි’

එල් ටී ටී ඊ ය සමග යුද්ධයේ දී සිදු කළ බවට චෝදනා නැගෙන යුද අපරාධ සම්බන්ධයෙන් කිසිදු ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකාවේ රජය ප්‍රකාශ කරයි.

සිව් වසරකට ඉහත දී කොටි සංවිධානය පරදවා ලූ යුද්ධයේ දී හතලිස් දහසත් හැත්තෑ දහසත් අතර සාමාන්‍ය වැසියන් මරුමුවට පත්වී දහස් ගණනක් අතුරුදහන් වූ බවට චෝදනා නැගී තිබේ.

මේ චෝදනා සම්බන්ධයෙන් තිර සාර ලෙස පරීක්ෂණ පවත්වන බවක් රජය විසින් පෙන්වා නො දෙන්නේ නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය විය හැකි බවයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ ශ්‍රී ලංකාවේ සත් දින සංචාරයක් හමාරයේ ප්‍රකාශ කළේ.

තමන් දුෂණයට සහ වද හිංසාවන්ට ලක් කරන බවට රජයේ නිලධාරීන් තර්ජනය කර ඇතැයි බීබීසිය හා කතා කළ ඇතැම් අය ප්‍රකාශ කරති.

බීබීසීයේ ෆර්ගල් කීන් සමග කොළඹ දී විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් විදේශ අමාත්‍ය ජී එල් පීරිස් කියා සිටියේ රජය විසින් කරනු ලබන පරීක්ෂණ ප්‍රමාණවත් බවයි.