ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාවේ ආණ්ඩු විරෝධී ක්‍රියාධරයන් 'තවමත් බියෙන්'

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විවේචනය කරන මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව දිගින් දිගටම ප්‍රචණ්ඩත්වය දියත් වන බවටත්, තජන එල්ල වන බවටත් ක්‍රියාධරයෝ චෝදනා කරති.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තවත් සති කිහිපයක් පමණක් තිබියදී බලධාරීන්ට එල්ල වන මේ චෝදනා පිළිබඳව විමසා බැලූ බීබීසී යේ ෆර්ගල් කීන්ට, ප්‍රහාරවලට සහ තර්ජනයට ලක් වූ ක්‍රියාධරයන් කිහිප දෙනකුම හමුවීමට අවස්ථාව ලැබිණ.

ප්‍රහාර මාලාවකට ලක් වූ යාපනයේ උදයන් පුවත්පතේ කර්තෘවරයා බීබීසී වාර්තාකරුට කියා සිටියේ, තර්ජන හේතුවෙන් එහි පවතින සැබෑ වාතාවරණය සඳහන් කළ හොත්, තමන්ට තවත් තරජනවලට මුහුණ දීමට සිදු විය හැකි බවයි.

භාෂණයේ නිදහස, පොදු රාජ්‍ය මණ්ඩලය පිහිටුවීමේදී පිළිගත් මූලිකම සිද්ධාන්තයක්.

තමන් වධ බන්ධනවලට ලක් කරනු ලැබූ බව බීබීසීයට කියා සිටි එක් ක්‍රිස්තියානි පූජකවරයෙක් සිය නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි අතර, සිය සැමියාගේ අතුරුදහන් වීමට රාජපක්ෂ පාලනය කෙලින්ම වග කිව යුතු බවයි ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ, සන්ධ්‍යා ෆර්ගල් කීන්ට පැවසුවේ.

කෙසේ නමුත් ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසන්නේ, ශ්‍රී ලංකාවේ නිදහස් ජනමාධ්‍ය ජාලයක්ම ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිලිබඳ හොඳම උදාහරණය බවයි.