ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දකුණු අප්‍රිකානු සිරකරුවන්ට 'බ්‍රිතාන්‍ය සමාගමකින් වධ හිංසා

බ්‍රිතාන්‍ය ආයතනයක් විසින් පාලනය කරනු ලබන දකුණු අප්‍රිකාවේ බන්ධනාගාරයක් තුළ සිරකරුවන් අතවරයට ලක් කෙරෙන බවට චෝදනා එල්ල වී තිබේ.

දඬුවම් වශයෙන් තමන්ට විදුලි සැර වැද්දීම් සහ බලහත්කාරයෙන් එන්නත් ලබා දීම් සිදු වන බවයි සිරකරුවන් කියා සිටින්නේ.

දකුණු අප්‍රිකාවේ භයානක ම සිර කරුවන් රඳවා සිටින මෙම බන්ධනාගාරය පාලනයකින් තොර තත්වයකට පත් වූ හෙයින් දකුණු අප්‍රිකානු රජය එහි පාලනය සියතට ගෙන තිබේ.

සිරකරුවන්ට වධ හිංසා පමුණුවන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන බීබීසියේ ඇන්ඩ්රූ හාඩින් කළ වාර්තා වැඩසටහනකට ඇතුළත් කර තිබුණි.