ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කාම්බෝජ පොලිස් ප්‍රහාරයෙන් කාන්තාවක් මරුට

කාම්බෝජයේ නොම්පෙන් අගනුවර විරෝධතා පවත්වන ඇඟලුම් කම්කරුවෝ පොලිසිය හා ගැටුණහ.

වාර්තාවල දැක්වෙන පරිදි පසෙක සිටි කාන්තාවක් වෙඩි පහරින් මියගිය අතර කිහිප දෙනකුට තුවාල වී තිබේ.

ගැටුම් හට ගත්තේ ගැප් සහ එච් ඇන්ඩ් එම් ඇතුළු ජාත්‍යන්තර සමාගම් කිහිපයකට රෙදි පිලි සපයන කම්හලක කම්කරුවන් සිය ගණනක් වඩා හොඳ සේවා තත්වයක් ඉල්ලා අගමැති හුන් සෙන් ගේ මන්දිරය බලා පෙළපාලියක යමින් සිටිය දී.

බලධාරීන් පවසන්නේ ගල් ප්‍රහාර එල්ල කළ විරෝධතා කරුවන්ට එරෙහිව ආරක්ෂක සේනා ජල කාලතුවක්කු යොදා ගත් බවයි. සිය දහස් ගණන් කම්කරුවන් වැඩෙහි යෙදෙන කාම්බෝජ ඇඟලුම් කර්මාන්තයයි රටේ වැඩිම අපනයන ආදායමක් උපයන්නේ.