ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඩකා නුවරට ජනතාව රැස්වීම වලකයි

බංගලාදේශයේ ඩකා අගනුවර බලා රටේ අනෙකුත් ප්‍රදේශවල සිට පැමිණෙන සියලු ම ප්‍රවාහන සේවා අත්හිටවීමට එරට පොලිසිය පියවර ගෙන තිබේ.

ලබන ඉරිදා පැවැත්වීමට නියමිත මැතිවරණයට එරෙහිව විපක්ෂයේ ආධාර කරුවන් සංවිධානය කළ විරෝධතා පෙළපාලියක් සඳහා ජනතාව අගනුවරට රැස්වීම වලක්වාලීමට යි පොලිසිය මෙම පියවර ගත්තේ.

දහස් ගණනක් වූ පොලිස් භටයන් වීදි පුරා මුර සංචාරයේ යොදවා ඇති නමුත් තැනින් තැන ප්‍රචණ්ඩ ක්‍රියා ඇති විය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට දී මුහුණට මුහුණ හමු වූ රජයේ සහ විපක්ෂයේ ආධාරකරුවෝ එකිනෙකාට ගල් ගසන්නට පටන් ගත්තෝය.

බංගලාදේශ විපක්ෂ නායිකාවට තම නිවසින් පිට වීමට නොහැකිවන පරිදි ඇයගේ නිවෙස වටා පොලිස් මුරකාවල් යොදා තිබේ.

විපක්ෂ නායිකා ඛලීඩා සියා කියා සිටින්නේ අගමැතිනිය ඉල්ලා අස් විය යුතු අතර භාරකාර රජයක් යටතේ මැතිවරණය පැවැත්විය යුතු බවයි.