ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නිසි තැනට නිසි බස යෙදූ මහැදුරු සුරවීර

දිවි පොත කියවා හමාර කළ සම්මාන ලාභී සාහිත්‍යවේදී, විචාරක හා දේශපාලනඥ මහාචාර්ය ඒ වී සුරවීර මහාචාර්ය ජේ බී දිසානායකයන් විසින් හඳුන්වනු ලැබුවේ ඒ ඒ කටයුත්තට ගැලපෙන ලෙසින් භාෂාව ව්‍යවහාර කිරීමෙහි සමතකු ලෙසින්.

ගැමි වේවා, නාගරික වේවා කවර හෝ පසුබිමක් පරිසරයක් නිර්මාණය කිරීමේ දී ඒ පරිසරයේ ම භාෂාව යොදා ගැනීම අනිවාර්ය නොවන බවයි සුරවීරයන් වරක් සංදේශය හා එක් වෙමින් පැවසුවේ.

අසූ තුන් වියැතිව අඟහරුවාදා ජීවිතයෙන් සමු ගත් මහැදුරු සුරවීර ගේ අවසන් කටයුතු දහසය වැනි බ්‍රහස්පතින්දා බොරැල්ල කනත්තේ දී පැවැත්වීමට නියමිතයි.