ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජාත්‍යන්තර අවධානයට

Image copyright Frontline Club London
Image caption බැරිස්ටර්වරයකු වන සදාකත් කද්රි

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිබඳව අදහස් දැක්වූ ජාත්‍යන්තර නීතිඥ සංගමයේ ශ්‍රී ලංකාව පිලිබඳ විශේෂ නියෝජිත, ලන්ඩනයේ බැරිස්ටර්වරයකු වන සදාකත් කද්රි පැවසුවේ අදාළ තීන්දුව ගෙන ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයන් නව දෙනාගෙන් පස් දෙනෙකු බවයි.

එම විනිසුරුවන් පස් දෙනාම ජනාධිපතිවරයාට පක්ෂපාතී අය බවයි ඔහු කියා සිටියේ.

ජනාධිපතිවරයාට පක්‍ෂග්‍රාහී වීමේ වරදක් නැති නමුත් යුක්තිය පසිඳලීම සිදු කෙරෙන බව පෙනෙන්ට තිබිය යුතු බවයි ඔහු කියා සිටින්නේ .