ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'මහාචාර්ය ගුරුගේ දුර්ලභ විද්වතෙක්'- අසංක තිලකරත්න

Image copyright nantien.edu.au

මිනිසකුට සිය ජීවිත කාලය තුළ ඉටු කරනු ලැබීම අතිශයින් දුෂ්කර මහා කාර්යභාරයක් මහාචාර්ය ආනන්ද ගුරුගේ විසින් සිදු කරනු ලැබ ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ මානව හා බෞද්ධ අධ්‍යනය අංශයේ මහාචාර්ය අසංක තිලකරත්න පවසයි.

ඔහු එම විග්‍රහය කළේ දිවියෙන් සමුගත් මහාචාර්ය ආනන්ද ගුරුගේ සම්බන්ධයෙන් බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී.

බද්දේගම දී උපත ලද ආනන්ද ඩබ්ලිව්.පී.ගුරුගේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන අතර ඔහු ලංකා විශ්ව විද්‍යාලයෙන් සංස්කෘත භාෂාව සඳහා පළමු පන්තියේ ගෞරව උපාධියක් ලැබ අනතුරුව සිවිල් සේවයට එක් විය.

බුද්ධ ජයන්තිය

අගමැති ඩඩ්ලි සේනානායක සහ අගමැති ජෝන් කොතලාවල පාලන සමයේ අගමැති ලේකම් කාර්යාලයේ සේවය කළ ආනන්ද ගුරුගේ අගමැති බණ්ඩාරනායක පාලන සමයේ බුද්ධ ජයන්ති වැඩ සටහනේ නියමුවකු හැටියට ද ක්‍රියා කළේය.

අනතුරුව ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුල් ව ශාස්ත්‍රීය පර්යේෂණයක් කළ ආනන්ද ගුරුගේ ආචාර්ය උපාධිය දිනා ගත්තේ ‘රාමායනයෙන් හෙළි වෙන සමාජ පරිසරය’ නම් පර්යේෂණ නිබන්ධනයටයි.

ලෝකයේ විශ්ව විද්‍යාල කීපයක දේශකයකු වූ මහාචාර්ය ආනන්ද ගුරුගේ ඊට අමතරව ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන රැසක පුරෝගාමී තනතුරු ඉසුලූ බව පවසන මහාචාර්ය අසංක තිලකරත්න අභාවප්‍රාප්ත විද්වතා විග්‍රහ කළේ ඕනෑම සමුළුවක් සඳහා මෙහෙයුම් ශක්‍යතාවක් සහිත බෞද්ධ විද්වතකු හැටියටයි.

හතළිහක් පමණ බෞද්ධ පොත්පත්වල කතුවරයා වන මහාචාර්ය ආනන්ද ගුරුගේ 140ක් පමණ පර්යේෂනාත්මක ලිපි පළ කරනු ලැබ ඇත.

.