ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චීනයට එරෙහිව හිස මුඩු කළ ක්‍රියාධරයෝ

හොංකොං නුවර පාලනයට චීනයේ දේශපාලනික මැදිහත් වීම වැඩි වෙමින් පවතින බව පවසන හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාධරයෝ ඊට විරෝධය පා හිස මුඩු කරති.

සිය ආධාරකරුවන් සහ මාධ්‍ය ඉදිරියේ හොංකොං ක්‍රියාධරයන් හතළිස් දෙනෙකු හිස මුඩු කර ඇති බවයි වාර්තා වන්නේ.

හොංකොං නායකත්වය සඳහා පැවැත්වෙන මීළඟ මැතිවරණයට ඉදිරිපත් කෙරෙන සියලු නාම යෝජනා බීජිං හිතවාදී නාම යෝජනා කමිටුවේ අනුමැතිය ඇති ව ඉදිරිපත් කළ යුතු බවට චීන පරිපාලනය මෑතක දී නිවේදනය කළේය.

එම තීරණයට එරෙහිවයි ඉහත කී ක්‍රියාධරයන් විරෝධතා දියත් කර ඇත්තේ.