ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාව චෝදනා ප්‍රතික්ෂේප කරයි

යුද අපරාධ විමර්ශනය කඩාකප්පල් කරන බවට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරයා නගන චෝදනාව ශ්‍රී ලංකාව කෝපයෙන් යුතුව ප්‍රතික්ෂේප කරයි.

එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයේ අවංකභාවය ප්‍රශ්න කරමින් දිගින් දිගටම එයට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙන යන බවට මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සයීඩ් රාඩ් අල් හුසේන් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයට චෝදනා කොට තිබිණ.

බිය ජනක පරිසරයක් ඇති කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් සහ මානව හිමිකම් ක්‍රියාකරුවන්ට හිරිහැර කිරීම සහ බිය ගැන්වීම් සිදු කරමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන බවටත් මහ කොමසාරිස්වරයා චෝදනා කොට තිබේ.

පමණ ඉක්මවා යන භාෂාවක්

ජිනීවා හි එක්සත් ජාතින්ගේ තානාපති, ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ පැවසුවේ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරයා පමණ ඉක්මවා යන භාෂාවක් යොදා ගනිමින් සාමාජික රටක් අපකීර්තියට පත් කිරීමට උත්සාහ දරා ඇති බවයි. එසේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කර ඇති බවටත් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ ප්‍රකාශ කරයි.

Image copyright BBC World Service

ශ්‍රී ලංකාවේ, මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවත්වන පරීක්ෂණයේ අවංකභාවය සහ විවෘත භාවයේ විශාල අඩු පාඩුවක් ඇති බව ජිනීවාහි මානව හිමිකම් සැසි වාරය ආරම්භයේදීම ශ්‍රී ලංකා රජය පෙන්වා දුන් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජයට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ.