ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රට අස්ථාවර කිරීමට ඉඩ නොදෙන්න - ජනාධිපතිවරයා

තම අනාගතය ජය ගැනීම සඳහාත් රටේ අනාගතය පිළිබඳවත් සිතා අධ්‍යාපනය සාර්ථක කර ගන්නා ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සරසවි සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ අද, අඟහරුවාදා පැවති මහ පොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා සරසවි සිසුන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටියේ අධ්‍යාපන කටයුතු අවසන් කොට ජනතා සේවය සඳහා ඉක්මනින් පිටවී එන ලෙසයි.

“එක්තරා යුග වලදී අවුරුදු ගණන් විශ්ව විද්‍යාලයේ පල් වෙවී හිටියා. ඒ හැම අවුරුද්දකින්ම වෙන්නේ ඔබට ඔබගේ රටට කරන්න තියෙන සේවය කල් යන එක විතරයි, ” ජනාධිපතිවරයා සඳහන් කළේය.

බුද්ධිමත්ව සහ ස්වාධීනව සිතන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා රට අස්ථාවර කිරීමට විදේශික බලවේග වලට ඉඩ නොදෙන ලෙසටත් සරසවි සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.