ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විශ්‍රාම ගැනීම ගැන හිතලවත් නැහැ - ඩිල්ෂාන්

ඉදිරි ලෝක කුසලානයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමානයේ ක්‍රීඩා කරන වයසින් වැඩි ක්‍රීඩකයා 38 හැවිරිදි තිලකරත්න ඩිල්ෂාන් වන අතර ඔහු අද,අඟහරුවාදා එංගලන්තය සමඟ පැවති තරඟයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ ලෝක කුසලානයෙන් පසු වසරකට හෝ දෙකකට හෝ ජාත්‍යන්තර එක් දින තරඟ වලට සහභාගි වීමට බලාපොරොත්තුවන බවයි.

ඉමහත් ශක්තියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයන් දෙපලක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ලෝක කුසලානයෙන් පසු විශ්‍රාම යාමට නියමිත නිසා තිලකරත්න ඩිල්ෂාන් තවත් වසර කිහිපයක් කණ්ඩායමේ රැඳී සිටීම කණ්ඩායමට ඉමහත් ශක්තියක් වනු ඇති බවයි.