ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සල්මන් ඛාන් ආවේ පුණ්‍යාධාර ලබා දීමට - ජනපති

ඉන්දීය නළු සල්මන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය හුදෙක් පුණ්‍යාධාර ලබා දීම සඳහා සිදු වුවක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරණය පැවැත්වෙන කාලය තුළදී ඔහු සහ නිලි ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලද්දේ දේශපාලන වාසි ලබා ගැනීමට බවට විරුද්ධ පක්ෂ විසින් චෝදනා නගා තිබිණ.

පුණ්‍යාධාර ව්‍යාපෘතියක්

එම චෝදනා ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඔවුන්ගේ පුණ්‍යාධාර ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බවත් එහි වැඩ සටහන් සඳහා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්.

ඉකුත්දා ශ්‍රී ලංකාවට පැමිණි බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහ නිලි ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් තමන්ද මුණ ගැසී එම ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කළ බවයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ.