ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඒකාධිපති බල යුගය පොඩි පට්ටම් - ජවිපෙ

ව්‍යවස්ථාවට පටහැනිව පැවැත්වූ ජනාධිපතිවරණය තුලින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අපේක්ෂා කළ ඊළඟ ඒකාධිපති බල යුගය ජනතාව විසින් පොඩි පට්ටම් කර දමා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද සිකුරාදා මාධ්‍ය හමුවකදී එසේ ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය, එහි ප්‍රතිඵලය සහ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යභාරය සහ ඉදිරි ක්‍රියා මාර්ග ගැන අදහස් දක්වමින්.

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ගැන පොදු විපක්ෂය යෝජනාවක් ඉදිරිපත් කොට තිබු නිසා එවැනි රාජ්‍යයකට ජනතා විමුක්ති පෙරමුණ සහභාගිවන්නේද යන ප්‍රශ්නය මාධ්‍යවේදියකු විසින් යොමු කළ විට ඊට පිළිතුරු දුන් අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පැවසුවේ තවමත් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැති බවයි.