ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විදේශ ඇමති චීන කොමියුනිස්ට් පක්ෂ නායකන් මුණ ගැසෙයි

ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයාගේ දෙදින චීන සංචාරයේ අවසන් දිනය අදයි.

අද, සෙනසුරාදා රාත්‍රී ‘බේජින්’ අගනුවර ‘චයිනා වල්ඩ්’ (China World) හෝටලයේ පැවතී මාධ්‍ය හමුවකදී විදේශ ඇමති මංගල සමරවීර ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිදු කරන චීන සංචාරයේදී චීනය සමඟ අත්සන් තබා ඇති ගිවිසුම් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවයි.

විදේශ ඇමති මංගල සමරවීර අද චීන විදේශ ඇමති ගාඕ හූචේන්ග් (Gao Hucheng) සහ චීනයේ කොමියුනිස්ට් පක්ෂ නායකන්ද මුණ ගැසී සාකච්ඡා කළ බවයි බේජින් නුවර සිට අප හා එක්වූ චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ දිල්ශාන් කීර්තිසර සංදේශයට පැවසුවේ.

චීනය සහ ශ්‍රී ලංකාව අතර වර්තමානයේ පවතින සම්බන්ධතා පිළිබඳ ඉතා හොඳ ප්‍රවණතාවක් පවතින බව පැවසූ මංගල සමරවීර ඇමතිවරයා, වත්මන් රජය චීනය සමඟ පවතින මිත්‍රත්වය සහ සහයෝගිතාව අඛණ්ඩව ඉදරියට ගෙනි යන බව මාධ්‍ය වේදීන්ට ප්‍රකාශ කළ බවත් මාධ්‍යවේදී දිල්ශාන් කීර්තිසර සඳහන් කළේය.