ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මෝඩි සංචාරය: සැකයේ යුගයක නිමාව

ඉන්දීය අගමැති මෝදි ගේ දෙදින ශ්‍රී ලංකා නිල සංචාරය ආරම්භ කෙරෙන්නේ ලබන 13 වෙනිදා.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර සිංග් මෝඩි ලබන සතියේ ශ්‍රී ලංකාවට ලඟා වීම දෙරට අතර සම්බන්ධතා නව අදියරකට ගෙන ඒමට හේතු වෙන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.

බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී විශාකා සූරිය බණ්ඩාර කියා සිටියේ එය ශ්‍රී ලංකාවට ආර්ථික සහ දේශපාලනමය වශයෙන් සාධනීය ප්‍රථිපල ප්‍රතිපල සහිත සංචාරයක් වන බවයි.

වසර 27 ක් තරම් කාලයක් ඉන්දීය නායකයකු ශ්‍රී ලංකාවට නොපැමිණීම ගැන අදහස් දක්වමින් ඇය සඳහන් කළේ යුද්ධය සහ වෙනත් කරුණු මත දෙරට අතර පැවති සැක සංකා ඊට හේතු වන්නට ඇති බවයි.