fukushima
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

න්‍යෂ්ටික ප්‍රතික්‍රියකයක අභ්‍යන්තරය දැක තිබේද?

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය තුළ වූ ප්‍රතික්‍රියක පරික්ෂා කිරීමට යවනු ලැබ කාර්මික දෝෂයකට ලක් වූ කුඩා රොබෝවෙක්, එය ක්‍රියා කර වූ කණ්ඩායම විසින් අත්හැර දමනු ලැබ තිබේ.

අතහැර දැමුණු කුඩා රොබෝව හානියට ලක් වූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියකයේ ඉහළ විකිරණශීලීතාවකට ඔරොත්තු දෙන පරිදි විශේෂ ලෙස නිර්මාණය කළ රොබෝවක්.

ප්‍රතික්‍රියකය අභ්‍යන්තරයට ගොස් ඡායාරූප ගැනීමේ පැය දහයක මෙහෙයුමක් රොබෝවට පැවරී තිබුණි.

නමුත් පැය තුනක් ගත වන විට සෙන්ටිමීටර දහයක් දිගැති රොබෝවෙන් ප්‍රතිචාර නිකුත් වීම ඇනහිට තිබේ.

වසර හතරකට පෙර ඇති වූ භූමි කම්පාවකට සහ සුනාමියට හසු වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ කොටස් සම්පුර්ණයෙන් ඉවත් කිරීම සඳහා අවම වශයෙන් වසර හතළිහක් ගත වනු ඇති බවයි බලාගාරය හිමි ආයතනය පවසන්නේ.

කෙසේ නමුත් කාර්මික දෝෂයට ලක් වීමට පෙර ප්‍රතික්‍රියකය අභ්‍යන්තරයේ රූප දර්ශනයක් ලබා දීමට කුඩා රොබෝවට හැකි වී තිබේ.

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ එම දර්ශනයි.