ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ටොන් එකක් බර ඇත් දළ විනාශ කෙරේ

ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් චතුරශ්‍රයට ගෙන ඇත් දළ තොගයක් ඉකුත්දා වීනාශ කර දැමිණ.

බලධාරීන් පැවසුවේ ඒවා විනාශ කරමින් තමන් උත්සාහ දරන්නේ නීති විරෝධී ඇත් දළ වෙළෙඳාම සහ ඇතුන් මරා දැමීම කිසිසේත්ම අනුමත නොකරන බවයි.

ෆිලඩෙල්පියාවේ පැරණි භාණ්ඩ අලෙවිකරුවකු සතුව තිබියදී ඇත් දළ වලින් සැකසු අභරණ රාජ සන්තක කරන ලදී.

ජාත්‍යන්තර ඇත් දළ ජාවාරාම තහනම් කළේ 1989 දීයි.

සෑම වසරකම අප්‍රිකාවේ ඇතුන් 35,000 ක් මරා දැමෙන බව ඇමරිකානු වනජීවී සංරක්ෂණ සංවිධාන නිලධාරීහු පවසති.

ඇත්දළ වෙළෙඳාම ඍජුවම ජාත්‍යන්තර ත්‍රස්තවාදය සහ අපරාධ වලට සම්බධ වන නිසා ඇමරිකාව අලි ඇතුන් සුරැකීම පිණිස උනන්දුවන බවයි ඇමරිකානු කොන්ග්‍රසයේ ඩිමෝක්‍රටික් මන්ත්‍රීනි ග්‍රේස් මෙන්ග් ප්‍රකාශ කළේ.

මෙසේ විනාශ කොට කුඩු කරන ඇත් දළ වලින් අමානුෂික ලෙස මරා දමන අලි ඇතුන් වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමට සැලසුම් කොට ඇති බව නිව්යෝර්ක් බලධාරීහු පැවසුහ.