ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තමිල්නාඩු වෙරළට ගොඩ ගැසූ තල්මසුන් 45ක් මරුට

දකුණු ඉන්දියාවේ වෙරළට ගොඩ ගසා සිටි තල්මසුන් රංචුවකින් හතළිස් පස් දෙනෙකු පමණ මිය ගොස් තිබේ.

තමිල්නාඩුවේ ටුටිකොරින් වෙරළට ගොඩ ගසා සිටි තල්මසුන් සංඛ්‍යාව සියයකට අධිකයි.

ඒ අතර සිටි තිස් හය දෙනකු නැවත මුහුදු දියඹට තල්ලු කර යැවීමට ප්‍රදේශයේ ධීවරයන්, පාසල් දරුවන් සහ ගුරුවරුන් ඇතුළු පිරිස් කටයුතු කළහ.

ජෛව විද්‍යාඥයන් විසින් මෙම සිද්ධිය හඳුන්වනු ලැබුවේ දුර්ලභ ඝනයේ සංසිද්ධියක් ලෙසයි.

මඟ වැරදීමෙන් හෝ එකිනෙකා අතර සංඥා හුවමාරු වීමේදී සිදු වූ දෝෂයක් හේතුවෙන් තල්මසුන් වෙරළට ගොඩ ගසන්නට ඇති බවයි විද්‍යාඥයන් වැඩිදුරටත් කියා සිටියේ.