ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හිම මත කිමිදෙන එස්තෝනියාවේ ලේනෙක්

ජනවාරි මාසය තුළදී, උතුරු දිග යුරෝපයේ එස්තෝනියා රාජ්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ දොළහ දක්වා පහත යනු ඇති බවට කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කර සිටිති.

නමුත් එහි පවතින තද ශීත කාලගුණය ඇතැමකුට ගැට‍ළුවක් වී නොමැති හැඩකුයි පෙනෙන්නට ඇත්තේ.

හිම මත කිමිදෙමින් ආහාර සොයන එස්තෝනියාවේ ලේනකු කැමරාවට හසු වූයේ මේ ආකාරයටයි.