ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'එල් නිනෝ' මුහුදු රැල්ල පරාජය කළ රියැදුරෙක්

චිලී රාජ්‍යයේ වෙරළ මාර්ගයක ධාවනය වෙමින් තිබූ ආණ්ඩුවට අයත් මෝටර් රථයක් මුහුදු රළ පහරට ගොදුරු වෙන ආකාරය කැමරාවේ සටහන් වී ඇත.

රළ පහරට හසු වූ මෝටර් රථය පෙරලුනත් විශ්මය දනවන සුළු වූයේ රියදුරු ජීවිතයට අනතුරක් නොවීමයි.

පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ 'එල් නිනෝ' කුණාටුවකින් අනතුරුව 'විනා දෙල් මා' නගරය දෙසට අඩි දාසයක් දක්වා උස මුහුදු රළ ගලා ඇති බවයි වාර්තා වන්නේ.

මුහුදු රළ ප්‍රචණ්ඩ අවස්ථාවල වෙරළට යෑමෙන් වැළකී සිටින ලෙස එම ප්‍රදේශවල ජනයාට අනතුරු හඟවා ඇත.