ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ෆීජි දූපත්වලට 'වින්ස්ටන්' කුණාටුවෙන් දැඩි හානි

ෆීජි දූපත් හරහා හමා ගිය කුණාටුවට හසු වී පුද්ගලයන් පස් දෙනකු මරුමුවට පත් වී ඇති අතර නිවාස සහ දේපළවලට දැඩි හානි සිදු වී ඇත.

එරට බලධාරීහු කුණාටුව හේතුවෙන් සිදු වී ඇති හානිය ගණනය කරමින් සිටිති.

පැයට කිලෝමීටර තුන්සීයකට අධික වේගයෙන් හමා ගිය වින්ස්ටන් කුණාටුව දකුණු අර්ධගෝලයෙන් මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම කුණාටු අතුරින් එකක් බව විශ්වාස කෙරේ.

කුණාටුවත් සමග නිවර්තන වැසි හැලෙමින් පවතින අතර අඩි හතළිහක් දක්වා වූ මුහුදු රළ දැකිය හැක.

සෙනසුරාදා හමා ගිය කුණාටුවට හසු වී නිවාස සිය ගණනක් විනාශ වී ඇති අතර විදුලි සැපයුම් ඇනහිට ඇත.

අයහපත් කාලගුණය හමුවේ අවතැන් වූ පවුල් සිය ගණනක් ආපදා සහන මධ්‍යස්ථානවල කොටු වී සිටිති.

ෆීජි ආණ්ඩුව විසින් දින තිහක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කොට ඇති අතර පාසල් සියල්ල සතියක කාලයකට වසා දැමීමට කටයුතු කොට ඇත.