ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අඩි හැටක් උසැති මුහුදු රළ මතින්

හවායිහි පැවති දිය මත ලිස්සා යෑමේ තරඟයකට සහභාගී වූ තරඟකරුවෙක් ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවේ අඩි 60 ක් උසැති මුහුදු රළක් මත ලිස්සා යමිනුයි.

ප්‍රථම ස්ථානය සඳහා ඔහුට ලැබුණු ත්‍යාග මුදල ඩොලර් 75,000 ක්.

හවායි වැසියකු වන විසි තුන් හැවිරිදි ජෝන් ෆ්ලෝරන්ස් සිය ජයග්‍රහණය හඳුන්වනු ලැබුවේ තම දිවියේ මුහුණ දුන් සුවිශේෂී දිනය ලෙසයි.

තරඟය සඳහා ක්‍රීඩකයෝ විසි හත්දෙනෙක් සහභාගී වූහ.