වසංගත අවසන් වන්නේ කෙසේද?

අප දැන් වෙලී සිටින්නේ ජීවතුන් අතර සිටින කිසිවකුට හෝ මතක ඇති අන් යමකට වඩා වෙනස් වසංගතයකිනි. එන්නතක් පිළිබඳ බලාපොරොත්තු දල්වා සිටියද අපගේ මුතුන් මිත්තන් මුහුණ දුන් ආසාදන බොහොමයක් තවමත් අප සමග රැඳී තිබේ.

එම වසංගතවලින් ඇතැම් ඒවා අවසන් වූයේ කෙසේද යන්න දැන ගැනීමට පහළට යන්න. අපේ අනාගතය කෙසේ වනු ඇත්ද යන්න ගැන ඉන් ඉඟි සැපයේ.

මේ ජැස්මින්

අපගේ මෙන්, ඇගේ මුතුන් මිත්තන් ද වසංගත ගණනාවකින් ගැලවී ඇත.

ඔවුන් මුහුණ දුන් වසංගත මොනවාද යන්න දැනගැනීමට කාලයේ පසුපසට ගමන් කරන්න.

බුබොනික් මහාමාරිය - වනසන සුලු රෝගය තවමත් අප අතර

ප්‍රධාන පැතිරීම් තුනක්, මුලින්ම වාර්තා වූයේ ක්‍රිව 541 දී

පරම්පරා 60කට පමණ පෙර මධ්‍යතන අඳුරු යුගවලදී ජැස්මින්ගේ ඥාතීහු බුබොනික් මහාමාරිය පැතිරීමේ අවස්ථා ගණනාවක් පසු කළහ.

මකුණන් හා මීයන් විසින් සම්ප්‍රේෂණය කරනු ලබන බැක්ටීරියා මෙන්ම ආසාදනය වුවන්ගේ ශ්වසන බිඳිති හරහා ඇතිකරනු ලබන එම රෝගය විනාශකාරීය.

යෙර්සිනියා පෙස්ටිස් බැක්ටීරියාව ඇතැම් මීයන් වර්ග අතර සම්ප්‍රේෂණය වේ

මකුණන් හා මීයන් මත දිවි ගෙවන යෙර්සිනියා පෙස්ටිස් බැක්ටීරියාවේ චිත්‍රණයක්

වසර 2,000 ක් තුළදී එය විසින් මිලියන සිය ගණනක පිරිසකට ජීවිත අහිමි කරනු ලැබීය.

1346-1353 අතර වූ කළු මරණය සැලකෙන්නේ වඩාත් මාරාන්තික වසංගතය ලෙසිනි.

මිලියන ගණනක් එයින් මරණයට පත් වුවද අද ඉන් මිය යන්නේ සුළු පිරිසකි

arrow මේ වන විට මරණ: *584
සමස්ත මරණ: මිලියන 200 දක්වා
*2010 සිට 2015 දත්ත සටහන: ගෝලීය ජනගහනය ඉහළ ගොස් තිබෙන අතර, අඩු ජනගහනයක් පවතිද්දී ඉතිහාසගත රෝගවලින් එල්ල වූ බලපෑම වඩා විශාල විණි. මූලාශ්‍රය: ලෝක සෞඛ්‍ය සංවිධානය, ශාස්ත්‍රීය පර්යේෂණ පත්‍රිකා

බුබෝස් නම් වූ වසා ගැටිති ඉදිමීම හෝ ආසාදනය ඇති කරන්නේයැයි විශ්වාස කෙරුණු මෙම රෝගය අවසානයේ පාලනය කෙරුණේ දැඩි නිරෝධායනය හා වැඩිදියුණු කරන ලද සනීපාරක්ෂක විධි ඇතුළු මාර්ගවලිනි.

එහෙත් සම්ප්‍රේෂණය වන්නේ කෙසේදැයි යන්න අවබෝධ කර නොගෙන මේ කිසිවක් කළ නොහැකි වන බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි බෝවන රෝග පිළිබඳ මහාචාර්ය ස්ටීවන් රයිලී පවසයි. එය අදටත් අදාළ කරුණකි.

"ඔබට දැනුම ලද වහා එම දැනුම බෙදා හදා ගතහොත් සම්ප්‍රේෂණය ඉතා අඩු මට්ටමකට ගෙන එන්න ඔබට පුළුවන්" යැයි ඔහු පවසයි.

තවමත් මහාමාරිය පවතී. උදාහරණයක් ලෙස මේ වසරේ ජූලි මාසයේදී ඉනර් මොන්ගෝලියාව තුළ හටගත්තේය. ඒ අනුව න්‍යායාත්මකව ගතහොත් තවමත් ජැස්මින්ට එය වැළඳිය හැක.

රෝගීන් සංඛ්‍යාව අඩු වන අතර ප්‍රතිජීවක ඖෂධ මගින් රෝගයට සාර්ථකව ප්‍රතිකාර කළ හැක.

වසූරිය - විද්‍යාව විසින් අතුගා දමන ලද වයිරසය

ප්‍රධාන පැතිරීම් ගණනාවක් සිදුවූ අතර මුලින්ම වාර්තා වූයේ 1520 දී

සියවස් ගණනකට පසු ජැස්මින්ගේ ඥාතීහු වසූරිය රෝගයට මුහුණ දුන්හ.

මිනිසුන්ට අතිශය මාරාන්තික යැයි හඳුනාගත් වයිරසවලින් එකක් වන වෙරියෝලා මයිනර් නම්වූ වයිරසය මෙම රෝගයට හේතුවේ.

මේ නිසා ශරීරය පුරා සැරව පිරි බිබිලි හටගන්නා අතර රෝගය උත්සන්න වූ කාලයේදී එය වැළඳුනු සෑම දස දෙනෙක්ගෙන් තිදෙනෙක්ම මිය ගියහ.

ආසාදනය වූවකුගේ නාසයෙන් හෝ මුඛයෙන් පිටවන බිඳිති හෝ ඔවුන්ගේ තුවාල හරහා රෝගය පැතිරී යා හැකිය.

වෙරියෝලා මයිනර් වෛරසය ගෙන යන ධාරක සත්ත්වයකු නැත

වෙරියෝලා මයිනර් වෛරසයේ චිත්‍රණයක්

මහාමාරිය සේම වසූරිය ද මිනිසුන් මිලියන සියගණනක් මරා දැමීය - 20 වෙනි සියවසේදී පමණක් මිලියන 300කි.

වසූරිය රෝගයෙන් අඩුම තරමින් මිලියන 350ක් දෙනා මියගියහ - අද කිසිවකු මියයන්නේ නැත

මේ වන විට මරණ: 0
සමස්ත මරණ: අවම තරමින් මිලියන 350
මූලාශ්‍රය: ලෝක සෞඛ්‍ය සංවිධානය, ශාස්ත්‍රීය පර්යේෂණ පත්‍රිකා

එහෙත් බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු වන එඩ්වර්ඩ් ජෙනර් 1796 දී සොයාගත් එන්නත මෙන්ම විද්‍යාත්මක ප්‍රජාවේ ප්‍රයත්නයන්ට ස්තුතිවන්නට මෙම රෝගය සහමුලින් ම තුරන් කර ඇත. ඒ සඳහා සියවස් දෙකකට ආසන්න කාලයක් ගතවිය.

මේ ආකාරයෙන් තුරන් කරන ලද එකම මානව රෝගය වසූරිය ලෙස තවමත් සැළකේ. මහාචාර්ය රයිලි සලකන ආකාරයට සඳ මත ගොඩබෑම සමග තරගකාරීව ගතහොත්, මෙය මිනිසා ළඟාකරගත් ශ්‍රේෂ්ටතම ජයග්‍රහණය වේ.

"එය මෙතෙක් මහජන ආයෝජනයකින් ලබාගත් විශිෂ්ටතම ප්‍රතිලාභය ලෙස සලකන්න පුළුවන්" යැයි ඔහු පවසයි. ඔහු එසේ පවසනුයේ එම රෝගය නැති පසුබිම තුළ ලෝකයේ වාර්ෂික ඉතිරි කිරීම් සැලකිල්ලට ගනිමිනි.

විද්‍යාවේ මෙම ජයග්‍රහණය නිසා අප හා ජැස්මින්ට තවදුරටත් අවදානම නැත.

කොලරා - අඩු ආදායම් රටවලට ආවේණික රෝගය

වර්තමානය දක්වා ප්‍රධාන පැතිරීම් ගණනාවකි. ඉන් ප්‍රධාන පැතිරීම සිදුවූයේ 1817දී

ඒ අවස්ථාවේ, පරම්පරා අටකට පෙර ජැස්මින්ගේ ඥාතීහු කොලරාවේ තර්ජනයට මුහුණ දුන්හ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි අපවිත්‍ර ආහාර හෝ පානීය ජලය නිසා හටගන්නා මෙම රෝගයේ වසංගත හතකදී මිලියන ගණනක පිරිසක් මියගියහ.

විබ්රියෝ කොලරී නම් බැක්ටීරියාව හමුවන්නේ අපවිත්‍ර ජලය හෝ ආහාර තුළය

විබ්රියෝ කොලරී බැක්ටීරියාව පිළිබඳ චිත්‍රණය

වැඩියුණු කරන ලද සනීපාරක්ෂාව හේතුවෙන් බටහිර රටවල් මෙම රෝගයේ තර්ජනයෙන් මිදී සිටියද බොහෝ අඩු ආදායම්ලාභී රටවලට මෙය ආවේණික හෝ පොදු රෝගයක්ව පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වාර්ෂිකව 100,000 හා 140,000 අතර පිරිසක් මිය යති.

කොලරා රෝගය මිලියන ගණනක් මරා දමා ඇත. දහස් ගණනක් තවමත් මිය යති.

arrow මේ වන විට මරණ: *95,000
සමස්ත මරණ: ඇස්තමේන්තුගත වූ මිලියන 40
*වාර්ෂිකව ඇස්තමේන්තුගත වූ මූලාශ්‍රය: ලෝක සෞඛ්‍ය සංවිධානය

"ඔබ කොලරාවෙන් සෘජුව ම වෙනතකට හැරිලා" යැයි පවසන මහාචාර්ය රයිලි, "එහි කිසියම් වැරද්දක් වුණොත් එය ඉතා වේගයෙන් පැතිරෙන්න පුළුවන්" යැයි කියා සිටී.

මේ හේතුවෙන්, එන්නතක් හෝ රෝගයට පහසු ප්‍රතිකාර ඕනෑතරම් තිබුණද, නිවස ලෙස ජැස්මින් හඳුන්වන තැන අනුව ඇයට මෙය වැළඳීමේ හෝ ඉන් මරණයට පත්වීමේ අවදානම තිබේ.

ඉන්ෆ්ලුඑන්සා - ඍතුමය තර්ජනය

විවිධ වසංගත , 1800ගණන් - 2010

ජැස්මින්ගේ පවුල උණ වසංගත ගණනාවකට මුහුණ දෙන්නට ඇත. ඉන් විශාලතම තත්ත්වය වාර්තාවූයේ 20 වෙනි සියවසේ මුලදීය.

ඇතැම් විට ස්පාඤ්ඤ උණ ලෙස හැඳින්වෙන 1918 දී හටගත් ඉන්ෆ්ලුඑන්සා වසංගතය මෑත ඉතිහාසයේ හටගත් වඩා දරුණු වසංගතය වේ. ලොව පුරා පුද්ගලයන් මිලියන 50-100 අතර පිරිසක් මියගියහ.

අද වනවිට ඇති කොරෝනාවෛරසය මෙන්, හුදෙකලාවීම හා නිරෝධායනයෙන් සම්ප්‍රේෂණය අඩාල කෙරිණි.

ස්පාඤ්ඤ උණ වසංගතයට හේතු වූයේ එච්1එන්1 වෛරසය ය.

එච්1එන්1 වෛරසයේ චිත්‍රණයක්

1918 හා 1920 අතර හටගත් රැළි දෙකකින් පසු අදාළ එච්1එන්1 වෛරසයේ පීඩනය පහව ගියේ අද ද සැරිසරන මෘදු අනුවාදයක් බවට පත්වෙමිනි.

ස්පාඤ්ඤ උණ නිසා මිලියන ගණනක් මිය ගියහ - ඍතුමය උණෙන් තවමත් පිරිස් මියයති.

arrow මේ වන විට මරණ: *ඍතුමය උණෙන් 650,000 දක්වා
සමස්ත මරණ: ස්පාඤ්ඤ උණ නිසා මිලියන 50 ට වැඩි සංඛ්‍යාවක්
*වාර්ෂිකව ඇස්තමේන්තුගත වූ සටහන: ඍතුමය උණ ට අදාළ වර්තමාන සමස්ත මරණ සංඛ්‍යාව වසංගත උණට වඩා වෙනස් ය. මූලාශ්‍රය: ලෝක සෞඛ්‍ය සංවිධානය, රෝග පාලන හා වැළක්වීමේ මධ්‍යස්ථාන

නමුත් අනෙකුත් උණ වසංගත ඉන් පසු මතුවිය.

1968 දී ඇති වූ හොංකොං උණ නිසා මිලියනයක පිරිසක් මිය ගිය අතර තවමත් ඍතුමය උණක් ලෙස එය සැරිසරයි. ඒ, එච්1එන්1 වෛරසයේ අනුවාදයක් වූ වෛරසයකින් හටගත් සූකර උණ (Swine Flu) 2009 දී ලෝක ජනගහනයෙන් 21%කට ආසාදනය වූවාක් මෙනි.

උණ තවදුරටත් "වසංගතමය තර්ජනයක්" ඇතිකරනවා යැයි මහාචාර්ය රයිලි පවසයි. එවැනි වෛරස මගින් ඇතිකරන තවත් වසංගතයක් අත්විඳීමේ අවදානමක ජැස්මින් සහ අප සිටී.

තවමත් වසරකදී දහස් ගණනක් මිය යන සෘතුමය උණ වැළඳීමේ අවදානම අප හමුවේ ඇත.

එච්අයිවී/ඒඩ්ස් - තවදුරටත් පවතින වසංගතය

1981 - අද දක්වා

දශක හතරකට පෙර, ජැස්මින්ගේ දෙමාපියෝ එච්අයිවී/ඒඩ්ස් වසංගතය පැතිරීම හමුවේ දිවි ගෙවූහ. වසංගතයක් ලෙස ඇතැමුන් හැඳින්වූ එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වනු ලැබුවේ "ගෝලීය වසංගතයක්" ලෙසිනි.

මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (එච්අයිවී) - සිරුරේ තරල මගින් සම්ප්‍රේෂණය වේ - මේ දක්වා ලොව පුරා මිලියන 32 ට වැඩි පිරිසක් මියගොස් තිබේ.

එච්අයිවී පහර දෙන්නේ මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියටය.

මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය පිළිබඳ චිත්‍රණයක්

එච්අයිවී යනු "නරකම තත්ත්වයේ වෛරසයක්" ලෙස සැලකිය හැකි බව මහාචාර්ය රයිලි පවසයි. ඊට හේතුව වන්නේ රෝග ලක්ෂණ පහලවීම සඳහා ගතවන කාලය මෙන්ම ඉහළ මරණ අනුපාතය ය. එය වේගයෙන් පැතිරී යන්නේ තමන්ට එය ඇති බව මිනිසුන් නොදන්නා බැවිනි.

කෙසේවෙතත්, වැඩිදියුණු කරන ලද රෝග විනිශ්චය කිරීමේ තාක්ෂණික ක්‍රමවේද හා ගෝලීය මහජන සෞඛ්‍ය වැඩසටහන් - මෙයින් ලිංගික චර්යාව වෙනස්කිරීමට හා ආරක්ෂිතව එන්නත් කිරීමේ පහසුකම් ඉහළ නංවා ඇත - මගින් ආසාදනය වැඩි කිරීම අඩාල කර ඇත.

එවැනි තත්ත්වයක් යටතේ වුවද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව 2019 දී ඒඩ්ස් හේතුවෙන් 690,000ක් මියගොස් ඇති බව ඇස්තමේන්තු කර තිබේ.

එච්අයිවී/ඒඩ්ස් නිසා මිලියන ගණනක් මියගොස් තිබේ - තවත් දහස් ගණනක් මිය යමින් සිටිති

arrow මේ වන විට මරණ: *690,000
සමස්ත මරණ: මිලියන 32
*2019 ආසන්නතම දත්ත මූලාශ්‍රය: ලෝක සෞඛ්‍ය සංවිධානය

එච්අයිවී සඳහා ප්‍රතිකාරයක් නැතත්, හොඳ සෞඛ්‍ය පහසුකම් හා අවශ්‍ය ඖෂධ ඇති රටක ජැස්මින් ජීවත් වන්නේ නම් ඇයට දැන් දිගු කාලීන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අපේක්ෂා කළ හැක.

කෙසේවෙතත්, ඇය අඩු ආදායම්ලාභී රටක එවැනි පහසුකම් නැති තත්ත්වයක වෙසෙන්නේ නම් ඇය සිටින්නේ අවදානමක ය.

සාර්ස් හා මර්ස් - වඩා පහසුවෙන් අඩංගු විය හැකි කොරෝනාවෛරස

2002-2003 සහ 2012 - අද දක්වා

දශක දෙකකට හා තුනකට පසු - ජැස්මින්ගේ ජීවිත කාලය තුළ - සාර්ස් හා මර්ස් තර්ජනය පැමිණිනි.

දුස්සාධ්‍ය තීව්‍ර ශ්වසන සහලක්ෂණය (Sars) - කොරෝනාවෛරසයක් හේතුකාරක වූ පළමු මාරාන්තික වසංගතය - ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2002 හා 2003 අතරේදී 800 ට වැඩි පිරිසක් මරණයට පත්වූහ.

සාර්ස් කොරෝනාවෛරසය (එය හැඳින්වුණේ Sars-Cov යනුවෙනි) හඳුනාගැනුණේ 2003 දී ය

සාර්ස් කොරෝනාවෛරසය (Sars-Cov) පිළිබඳ චිත්‍රණයකි

එහෙත් 2003 ජූලි වනවිට අලුත් රෝගීන් වාර්තාවී නොතිබිණි. එහි ගෝලීය ව්‍යාප්තිය අවසන්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළේය.

ඉන් ටික කලකට පසු මැද පෙරදිග ශ්වසන සහලක්ෂණය (Mers), කොරෝනාවෛරසයක් වූ එයින් පුද්ගලයින් 912ක් මියගියහ. වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වුයේ අරාබි අර්ධද්වීපයෙනි.

එක්සත් රාජධානිය වැනි රටක් Mers-Cov වෛරසය වැළඳීමේ අවදානම ඉතා අඩු යැයි සැලකුණද, මැද පෙරදිගදී එම අවදානම ඉහළය - සාමාන්‍යයෙන් මෙය මිනිසුන්ට වැළඳෙන්නේ ඔටුවන්ගෙනි.

සාර්ස් හේතුවෙන් 800 ට වැඩි පිරිසක් මියගියහ.

සමස්ත මරණ: 813
මූලාශ්‍රය: ලෝක සෞඛ්‍ය සංවිධානය

එනයින්, ජැස්මින්ට මර්ස් වැළඳීමේ හැකියාව ඇතත්, බොහෝ රටවලදී ඊට ඇති අවදානම අඩු ය.

කෝවිඩ්-19 - පෙර නොදුටුවිරූ කොරෝනාවෛරසය

2019 - අද දක්වා

දැන්, ජැස්මින් හා අපේ ජීවිත කාලය තුළ, නව සාර්ස් කොරෝනාවෛරසයට අප මුහුණ දෙමින් සිටී. එයින් වැළඳෙන ශ්වසන රෝගය කෝවිඩ්-19 වේ.

Sars-Cov-2 ලෙසින් හැඳින්වෙන මෙය 2003 මතුවූ සාර්ස් වෛරසයෙන් පරිණාමය වූ අනුවාදයකි. එහි රෝග ලක්ෂණ පරාසය - රෝග ලක්ෂණ නොවීමේ සිට මාරාන්තික බව දක්වා - හා රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් හෝ ඔවුන් රෝග ලක්ෂණ පළ කිරීමට පෙර සම්ප්‍රේෂණය වීමට ඇති ඉහළ මට්ටමට ස්තුතිවන්නට, රෝග විශේෂඥයින් සලකන්නේ එය ආවේණික වෛරසයක් ලෙසිනි.

"මේ හේතුවෙන්, මෙය පාලනය කිරීමට බොහෝ ජනතාවට නොහැකිවෙලා" යැයි මහාචාර්ය රයිලි පවසයි.

Sars-Cov-2 වෛරසය 2003 මතුවූ සාර්ස් වෛරසයට නෑකම් කියයි.

Sars-Cov-2 වෛරසය පිළිබඳ චිත්‍රණයකි

මිලියනයකට වැඩි පිරිසක් මේ වනවිට මියගොස් තිබේ - නමුත් සමස්ත සංඛ්‍යාව වඩා ඉහළ අගයක් ගැනීමට ඉඩ තිබේ.

නව කොරෝනාවෛරසයෙන් මේ දක්වා මිලියනයකට වැඩි පිරිසක් මරණයට පත් වී ඇත.

සමස්ත මරණ: ?
මේ වන විට මරණ: මිලියනයට වැඩි
මූලාශ්‍රය: ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය

එන්නතක් හා වඩා ඵලදායී ප්‍රතිකාර සෙවීම තවමත් ක්‍රියාත්මක වෙද්දී ගෝලීය ප්‍රජාවේ අති බහුතරය තවමත් සැබෑ අවදානමට මුහුණ දෙමින් සිටී. අප සේම ජැස්මින් ද තවමත් අවදානමක ය.

මීළඟට කුමක් ද?

අප ප්‍රජාව අතර සැරිසරන කොරෝනාවෛරසය, වෛරස සහ බැක්ටීරියා වැනි රෝග කාරක විෂබීජ මගින් ඇතිකරන දීර්ඝ වූ වසංගත මාලාවේ නවතම ය වේ.

සටහන: ගෝලීය ජනගහනය ඉහළ ගොස් තිබෙන අතර, අඩු ජනගහනයක් පවතිද්දී ඉතිහාසගත රෝගවලින් එල්ල වූ බලපෑම වඩා විශාල විණි. මූලාශ්‍රය: ලෝක සෞඛ්‍ය සංවිධානය, රෝග පාලන හා වැළක්වීමේ මධ්‍යස්ථාන, ශාස්ත්‍රීය පර්යේෂණ පත්‍රිකා, ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය

පසුගිය අර්බුද අවසානය කරා ගෙන ඒම සඳහා සම්ප්‍රේෂණය පිළිබඳ ඉහළ නැංවූ දැනුම, මහජන සෞඛ්‍ය වැඩපිළිවෙල, අලුත් ප්‍රතිකාර හා එන්නත් යනාදී සියල්ල තමන්ගේ කාර්ය භාරය ඉටු කර ඇත.

එවැනිම වූ පියවර සංකලනයකින් වර්තමාන වසංගතයේ අවසානයද වීමට ඉඩ තිබේ.

"ආරක්‍ෂිත, උසස් ඵලදායී" එන්නතකට මෙය අවසානයට ගෙන ආ හැකි බව පවසන මහාචාර්ය රයිලි එවැන්නක් සොයාගැනීම "සැබවින් ම දායාදයක්" යැයි කියා සිටී.

ඒ වෙනුවට, රෝගයට කිසියම් ආකාරයක ප්‍රතිරෝධයක් නිර්මාණය කෙරෙන අතරේ එය සමග හොඳින් ජීවත්වීමට අපට සිදුවිය හැක.

"අනිවාර්යයෙන්ම වසර පහක් තුළදී, සමහරවිට ඊට කළින්, ලොව පුරා භාවිත කෙරෙන අතිශය සාර්ථක එන්නතක් හෝ අවශ්‍ය තරමේ ප්‍රතිශක්තිය රැස්කරගනීමට තරම් ප්‍රමාණවත් වූ කාලයක් මේ අවුලේ අප වෙලී සිටීවි නැතිනම් කුඩා ලෙස යළි නැගී සිටින වසංගතයක් සමග ජීවත් වන්නේ කෙසේද යන්න උගෙනගෙන සිටීවි" යැයි ඔහු පවසයි.

එසේම, වසූරිය තුරන් කිරීමෙන් තහවුරු කළාක් මෙන් ලෝකයේ විද්‍යාත්මක ප්‍රජාව එකට එක් වූ විට විශිෂ්ට දේ කළ හැකිවනු ඇත.

රෝග ලක්ෂණ නොපෙන්වීමට ඇති ඉහළ මට්ටම හේතුවෙන් කොරෝනාවෛරසය වඩා දුෂ්කර අභියෝගකාරී වුවත්, සුබවාදී ආකල්පයක් පළකරන මහාචාර්ය රයිලි, විසඳුමක් කරා යන "විශිෂ්ට" ගෝලීය ගවේෂණය ජයග්‍රහණය ළඟා කරගනු ඇතැයි පවසයි.

"ලොවම සහයෝගයෙන් ක්‍රියා කළ මෙවැනි ව්‍යාපෘතියක් මීට පෙර තිබුණේ නැහැ" ඔහු පවසයි. "යම් අවස්ථාවකදී මෙය හවුල් ජයග්‍රහණයක් වේවි යැයි විශ්වාස කරනවා"

කෙසේවෙතත්, අතීත වසංගතවලදී සමාජ අතරට ආ බොහොමයක් රෝගකාරක බීජ තවමත් අප වටා ඇති බව එය සිහිගන්වනු ඇත. අර්බුද අවසානයකට පැමිණෙද්දී වෛරස හා බැක්ටීරියා - සහ ඒවායෙහි ප්‍රතිඵල වූ ආසාදන - තවදුරටත් පවතිනු ඇත.