ක්‍රිකට් මුල සිට ආරම්භ කිරීමට සිදු වෙලා - සනත්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ක්‍රිකට් මුල සිට ආරම්භ කිරීමට සිදු වෙලා - සනත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දක්ෂතා අතරට ගෙන ඒමේ අභියෝගය තමන් භාර ගන්නා බව ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති සනත් ජයසූරිය පවසයි.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ඉරිදා (01) සිට යළි පත් කරනු ලැබූ අතර බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් 'පහළ සිට ඉහළට' ගෙන යෑමේ අභියෝගයට මුහුණ දීමට තමන් සුදානම් බවයි.

2013 සිට 2015 වසරේ අප්‍රේල් මාසය දක්වා කාලය තුළ තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් තමන් විසින් ගනු ලැබූ සාධනීය ක්‍රියාමාර්ග ඉන් පසු පත් කෙරුණු තේරීම් කමිටු ඉදිරියට ගෙන නොයාම කණ්ඩායමේ වත්මන් පසුබෑමට එක් හේතුවක් විය හැකි බවයි තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසන්නේ.

'අපි ලංකාවේ ක්‍රිකට් ගැනයි බලන්න ඕනේ, පුද්ගලයා ගැන නොවෙයි. අළුත් තේරීම් කමිටුවක් පත් වූ විට කලින් අය කළ හොඳ දේවල් ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි'

'දැන් අපිට වෙලා තියෙන්නේ පහළ සිට පටන් ගන්නයි, ගිය පාරට වඩා ලොකු වගකීමක් අපට දැන් තිබෙනවා'

නවක ක්‍රීඩකයන් යොදාගැනීම, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වෙනුවට නවක ක්‍රීඩකයන් ආදේශ කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි සැලසුම් ඇතුළු ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ සනත් ජයසූරිය දැක්වූ අදහස් දැන ගැනීමට වීඩියෝ පටය නරඹන්න.