තරඟ පාවාදීම: මොහමඩ් අමීර්ට එංගලන්තයට වීසා නිකුත් කෙරේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
vasවසර පහක තරඟ තහනමකින් අනතුරුව මොහමඩ් අමීර් පසුගිය ජනවාරි මාසයේ යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රීඩාවට අවතීර්ණ විය
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන මේ වසරේ පැවැත්වෙන තරඟාවලියට සහභාගිවීම පිණිස පාකිස්තාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් අමීර්ට වීසා බලපත්‍ර නිකුත් කර තිබේ.
2010 වසරේ එංගලන්තය සමඟ පැවැත්වුණු තරඟයක කොටසක් පාවාදීමේ චෝදනා මත 24 හැවිරිදි මොහමඩ් අමීර්ට වසර පහක තරඟ තහනමක් පැනවිණ. ඔහු එංගලන්තයේ මාස තුනක සිරදඬුවමක්ද ගත කළේය.
බුකිකරුවන්ගෙන් මුදල් ලබාගැනීම පිණිස හිතාමතාම නිපන්දු යැවීමේ චෝදනාවට ඔහු වැරදිකරු බව ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය තීන්දු කළේය.
එවකට ටෙස්ට් කණ්ඩායමේ නායකයා වූ සල්මන් බට් සහ වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් අසීෆ් ද එම තරඟයේ කොටසක් පාවාදීමේ චෝදනාවට වැරදිකරු බව 2011 පෙබරවාරි මාසයේ තීන්දු කෙරිණ.
තහනම හමාරයේ එංගලන්තයට එරෙහි තරඟාවලිය සඳහා ඔහු තෝරා ගන්නා බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.
ඉන් අනතුරුව පැවති අධිකරණ විභාගයකදී ඔවුන් තිදෙනාටම සිර දඬුවම් නියම කෙරිණ.
පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වූ මොහමඩ් අමීර් තරඟ තහනමට ලක්වීමට පෙරාතුව එංගලන්ත සංචාරයේදී ලකුණු 18.36 ක සාමාන්‍යයක් රඳවා ගනිමින් කඩුලු 219 ක් දවා ගෙන සංචාරය තුල පාකිස්තානයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලබා සිටියේය.
එංගලන්ත සංචාරය සඳහා වීසා බලපත්‍ර ලැබීමත් සමඟම එයින් වසර හයකට ආසන්න කාලයකට පසුව ඔහු ලබන ජුලි මාසයේ යළිත් පළමු වතාවට ලෝඩ්ස් පිටියේදී එංගලන්තයට එරෙහිව තරඟ වැදීමට ඉඩ තිබේ.

තරඟ පාවාදෙන්නන්ට 'ජීවිතාන්තය දක්වා තහනමක් අවශ්‍යයි'
තරඟ පාවාදීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් පැනවිය යුතු බව එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටර් කුක් පවසයි.