මුරලි ක්‍රිකට් දැවැන්තයන්ගේ ලැයිස්තුවට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ නම ඇතුළත් කිරීමට තීන්දු කොට ඇති බව එම ආයතනය පවසයි.
ඒ අනුව ඉහත කී ලැයිස්තුවට එක් වන පළමු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන්ගේ නම ඉතිහාසයට එක් වනු ඇත.
'මේ යුගයේ බිහි වූ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මුරලිදරන් දැවැන්තයෙක්. ඔහුගේ ක්‍රීඩා උපක්‍රම සහ අචල කැපවීම ශ්‍රී ලංකාව එක් දින සහ ටෙස්ට් ක්‍රිකට් ලෝකයේ අතිශයින් තරඟකාරී තත්වයකට ගෙන ඒමට පසු ගිය අවුරුදු වල හේතු වුනා' අයිසීසීයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් පැවසීය.
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහි වූ සුපිරිතම දඟ පන්දු යවන ක්‍රීඩකයා ලෙස සැලකෙන මුරලිදරන් විසින් ටෙස්ට් කඩුලු 800 ක් සහ එක් දින කඩුලු 534 ක් දවා ගනු ලැබ ඇත.
ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා කැරන් රොල්ටන්, ආතර් මොරිස් සහ ජෝජ් ලෝමන් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ද මේ වසර අගදී විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.