ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව පරාජය කරයි

Sri Lanka's Dilruwan Perera (left) celebrates after taking a wicket against Australia Image copyright Getty Images

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව වසර දාහතකට පසු පළමු වරට ටෙස්ට් තරඟාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වෙයි.

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ගාල්ලේ පැවති දෙවන ටෙස්ට් තරඟය ලකුණු 229 ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරඟයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 281 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාණු කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණි.

දෙවන ඉනිම සඳහා පිටියට බට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 237 ක් ලබා ගත් අතර තරඟය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට ලකුණු 413 ක ඉලක්කයක් හිමි විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 183 ක් පමණි.

දිල්රුවන් පෙරේරා ලකුණු 70ට කඩුළු 06 ක් බිඳ දැමූ අතර රංගන හේරත් ලකුණු 74 ට කඩුළු 2ක් බිඳ දැමීය.

තරඟයේ පළමු ඉනිමේදී රංගන හේරත්ට කඩුළු ත්‍රිත්වයක් ලබා ගැනීම හැකි වීමත් විශේෂත්වයක්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර