2019 තෙක් ක්‍රිකට් නායකයා ඇන්ජෙලෝ - තිලංග
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

2019 තෙක් ක්‍රිකට් නායකයා ඇන්ජෙලෝ - තිලංග

2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකාවේ ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය වත්මන් නායක ඇන්ජෙලෝ මැතිව්ස් විසින් දරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසයි.

බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමින් ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ස්ථිර නායකත්වය හා දිනේෂ් චන්දිමාල්ගේ ස්ථිර උප නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ක්‍රීඩා කරනු ඇති බවයි.

තමන් ක්‍රිකට් ආයතනය බාර ගනිද්දී ජාතික කණ්ඩායමට පුහුණුකරුවකු පවා නොසිටි බව පෙන්වා දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මේ වන විට අවශ්‍ය සියළුම අංශ සඳහා සුදුසුකම් ලත් වෘත්තීය පුහුණුකරුවන් පත් කර ඇති බවද සඳහන් කළේය.

දේශීය පුහුණුකරුවන් වෙනුවට විදේශීය පුහුණුකරුවන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට හේතුව ව්මසිමේදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ පළපුරුදු හිටපු ක්‍රීඩකයන් රැසක් සිටියත් ඔවුන් බොහෝ දෙනා පුහුණුකරුවන්ට අවශ්‍ය වෘත්තිමය සුදුසුකම් සපුරා නොමැති බවයි.

ලෝකේ ඕනෑම කණ්ඩායමක ක්‍රීඩකයන්ගේ දත්ත ඇතුළත් පරිගණක පද්ධතියක් ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ ප්‍රයෝජනයට හඳුන්වා දී ඇති බවද ඔහු කියා සිටියේය.

මෙවර ඕස්ටේලියානු සංචාරයේදී එම තාක්ෂණයද ප්‍රයෝජනයට ගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

(ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල සමඟ පැවැත්වූ සාකච්ඡාව ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.)