ක්‍රිකට් උන්මාදයක පෙර නිමිති

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කුසල් මෙන්ඩිස් ලකුණු හට හතක් රැස් කළේය Image copyright ISHARA S.KODIKARA
Image caption ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කුසල් මෙන්ඩිස් ලකුණු හට හතක් රැස් කළේය

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරඟාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ඓතිහාසික ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවේ යළිත් ක්‍රිකට් උන්මාදයක් මතුවන හැඩක් දක්නට ලැබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන එක් දින ජාත්‍යන්තර තරඟය නැරඹීමට පැමිණි ක්‍රිකට් ලෝලීන්ගෙන් ආර් ප්‍රේමදාස පිටිය පිරී ඉතිරී ගොස් තිබිණ.

තරඟය පැවැත්වීමට දින දෙකකට ඉහතදීම සියලු ප්‍රවේශ පත්‍ර විකිණී අවසන් වූ බවත් වාර්තා විය.

මාස කීපයකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ යම් කිසි පසු බෑමක් දක්නට තිබූ නමුත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කෙමෙන් දක්ෂතා අතරට පැමිණෙමින් සිටින ස්වභාවයකුයි දක්නට ලැබෙන්නේ.

විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක තරුණ ක්‍රීඩකයන් පසු ගිය තරඟ කිහිපයේදී දක්වන ලද දක්ෂතා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රසාදයට හේතු වී තිබෙන ආකාරය සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබිණ.

Image copyright ISHARA S.KODIKARA
Image caption දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු අසූවක් රැස් කිරීමට සමත් විය

මෙතෙක් අවධානයක් දිනා නොසිටි ඇතැම් නවක ක්‍රීඩකයන්ගේ කලඑළි මංගල්‍යයක් ලෙසින්ද පසුගියදා අවසන් වූ ටෙස්ට් තරඟාවලිය හැඳින්වීම වරදක් නොවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක රංගන හේරත් ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගාවලියකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් වමත් පන්දු යවන්නා බවටද පත් විය.

Image copyright ISHARA S.KODIKARA

ටෙස්ට් ක්‍රිකට් තරඟ ඉතිහාසයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලද වාර්තාගත ජයග්‍රහණය කෙරෙහි ක්‍රිකට් ලෝකයේ අවධානය යොමු විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තෙවන ස්ථානය දක්වා පසු බැසීමට සිදු විය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර