කාන්තා ක්‍රිකට්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය: "අපි සූදානම්"

එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ජගත් කුසලානයට සුදුසුකම් ලැබීම පිණිස කණ්ඩායම් දහයක් හෙට (පෙබ.07) සිට ශ්‍රී ලංකාවේදී තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ තායිලන්තය 'ඒ' කාණ්ඩයෙන් තරග වදින අතර, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය, ස්කොට්ලන්තය සහ පැපුවා නිව් ගිනියාව 'බී' කාණ්ඩයට අයත් වේ.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර කියා සිටියේ සිය කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බවය.

හෙට දින ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගනයේදී තරග වදින අතර, තවත් තරග තුනක් එදිනම පැවැත්වේ.

පෙබරවාරි 13 වැනිදා මූලික වටයේ තරග අවසන් වන අතර පෙබරවාරි 15 වැනිදා 'සුපර් සික්ස්' වටය ආරම්භ වේ.

සුපර් සික්ස් වටයේ මුල් ස්ථාන හතර දිනාගන්නා කණ්ඩායම් ලෝක කුසලානයට තරග වැදීමට සුදුසුකම් ලබති.

අයිසීසී කාන්තා ශූරතාවලියේ පළමු ස්ථාන හතර හොබවන එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙවු සහ නවසීලන්තය ලබන ජුනි මාසයේ එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ජගත් ක්‍රිකට් කුසලානය සඳහා දැනටමත් සුදුසුකම් ලබා සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන ඉනෝක රණවිර තරගාවලිය පිළිබඳ දැක්වූ අදහස් ඉහත වීඩියෝ පටන් නරඹන්න.