පාකිස්තාන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරඟ පාවාදීමේ චෝදනා

Image caption නෂීර් ජම්ෂෙද්

ක්‍රීඩා තරඟ පාවාදීමේ චෝදනා යටතේ ඊයේ සඳුදා බ්‍රිතාන්‍ය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් දෙදෙනාගෙන් එක් තැනැත්තකු පාකිස්තාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන නෂීර් ජම්ෂෙද් බව හෙළිදරව් වී ඇත.

පාකිස්තාන් ජාතික තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු සඳහා ද ක්‍රීඩා තහංචියක් පනවා ඇති බවත් වාර්තාවෙයි.

එම තහංචිය පනවනු ලැබ තිබෙන්නේ ෂාර්ජීල් කාන් සහ කාලිඩ් ලතීෆ් නම් ක්‍රීඩකයන් දෙදෙනාට එරෙහිවයි.

ඔවුන් දෙදෙනාට අද (15) සන්ධ්‍යාවේ ලාහෝර් නගරයේ දී පාකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කරනු ලැබ ඇත.

තරඟ පාවාදීමේ චෝදනාවලට පාකිස්තාන් ක්‍රිකට් ක්‍රීඩකයන් පැටලුණ පළමු වතාව මෙය නොවේ.

සබැඳි විෂයයන්