ක්‍රිකට් ; අසේල ගුණරත්න තුවාල ලබයි

ඡායාරූප මූලාශ්‍රය, SAROJ PATHIRANA
අසේල ගුනරත්න
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (26 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වූ අසේල ගුණරත්න ප්‍රතිකාර සඳහා කොළඹ රැගෙන ආ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
අද තරඟයේ පළමුව පිටියට බට ඉන්දියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකාර් ධවාන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක දී උඩ පන්දුවක් රැක ගැනීමට අසේල ගුණරත්න ගත් උත්සාහයේ දී ඔහුගේ අතක් තුවාල වී ඇති බව ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය බීබීසිය විසින් කරන ලද විමසීමකදී තහවුරු කළේය.
සිය අතට හානි සිදුවීමත් සමඟ අසේල ක්‍රීඩාගාරයට ගොස් ඇත.
ක්‍රීඩකයා ශල්‍ය කර්මයකට භාජනය කරනු ලැබීමට බොහෝ ඉඩකඩ ඇති බවත් තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.
දිවා භෝජනය සඳහා අද තරඟය නතර කරන විට ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකක් දැවී ළකුණු 115 ක් ලබා සිටියේය.
සිය ඉනිම ආරම්භ කළ ඉන්දීය පිතිකරු ශිකාර් ධවාන් අනගි හතරේ පහර රැසක් එල්ල කරමින් පන්දු 62 කදී සිය අර්ධ ශතකය වාර්තා කළේය.
ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් වරම් ලැබීමත් අද තරඟයේ විශේෂත්වයක් වෙයි.