ඕස්ට්‍රේලියාවට එරෙහිව බංග්ලාදේශයේ පළමු ටෙස්ට් ජය

Image copyright Getty Images
Image caption ඉනිම් දෙකක දී කඩුලු 10 බිඳ හෙලීමට බංග්ලාදේශ ක්‍රීඩක ෂකීබ් අල් හසන් සමත් විය

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව සිය ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කළේය.

ඩකා අගනුවර පැවති තරගයේ දෙවැනි ඉනිම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 265 ඉලක්කයක් හිමි විය.

නමුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 244 සීමා කරමින් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 20 ජයක් ලැබීය.

තරගයේ ඉනිම් දෙකක දී කඩුලු 10 බිඳ හෙලීමට බංග්ලාදේශ ක්‍රීඩක ෂකීබ් අල් හසන් සමත් විය.

බංග්ලාදේශ කණ්ඩායම සිය ඉනිම් දෙක තුළ පිතිකරුවන් සියලු දෙනා දැවී පිළිවෙළින් ලකුණු 260 සහ 221 රැස් කළහ.

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඉනිම් දෙක තුළ සියලුම ක්‍රීඩකයන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 217 සහ 244 බැගින් පමණි.

Image copyright Getty Images

ශ්‍රේණිගත කිරීම්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම 2000 වසරේ දී ටෙස්ට් වරම් දිනා ගත් අතර ඔවුන් ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 09 ස්ථානයේ පසු වේ.

මීට පෙර ඕස්ට්‍රේලියාව හා බංග්ලාදේශය අතර තරග 05 පවත්වා ඇති අතර බංග්ලාදේශය එම සියලුම තරග පරාජයට පත්ව තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර