මොහොමඩ් ෂාමි; පරදාර සේවනය සහ ගෘහස්ථ හිංසන චෝදනා

Image copyright Getty Images
Image caption නඩුව පවරා තිබෙන්නේ ඔහුගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලක් අනුවය.

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළේ ක්‍රීඩකයකු වන මොහොමඩ් ෂාමිට (Mohammad Shami) එරෙහිව ගෘහස්ථ හිංසන චෝදනා යටතේ නඩු පවරනු ලැබ ඇත.

එම නඩුව පවරා තිබෙන්නේ ඔහුගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලක් අනුවය.

සාපරාධී භය ගැන්වීම, විෂ ශරීරගත කිරීම සහ මිනී මැරීමට තැත් කිරීම යන චෝදනා යටතේ විසිහත් හැවිරිදි පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.

මේ අතර පසුගිය අට වෙනිදා (මාර්තු 08) වෙනිදා ප්‍රකාශයක් කරන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, මොහොමඩ් ෂාමි (Mohammad Shami)ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ගිවිසුම් සහිත ක්‍රීඩක ලැයිස්තුවෙන් ඉවත් කරන ලද බව නිවේදනය කළේය.

එහෙත් මොහොමඩ් ෂාමි (Mohammad Shami)සිය බිරිඳ විසින් කරනු ලබන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

එකී චෝදනා ඔප්පු වුනොත් ඔහුට වසර දහයක් හෝ ඊට අධික සිර දඬුවම් විඳීමට සිදුවෙයි.

මොහොමඩ් ෂාමි (Mohammad Shami) 2012 වසරේ පටන් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා තරඟ අසූ හතකට සහභාගී වී ඇත.

ෂාමිගේ බිරිඳ වන හසින් ජහාන් (Hasin Jahan) මේ සතිය මුලදී පැමිණිල්ලක් කරමින් සිය සැමියා පරදාර සේවනයේ නිරතවෙන අතර තමාට හිංසා කරන බව කියා සිටියාය.

තම සැමියා කාන්තාවන්ට යවන ලදැයි පැවසෙන පණිවුඩ රැසක් ඇය සිය ෆේස්බුක් පිටුවේ පළ කරනු ලැබ ඇත.

ඔහු කාන්තාවන් රැසක් සමඟ සබඳතා පවත්වන බව පවසන හසින් ජහාන් (Hasin Jahan) "සැමියා දිගින් දිගටම තමාට ශාරීරික සහ මානසික වධ හිංසා සිදු කරන" බව කියා සිටින්නීය.

එහෙත් මෙය "අවමන් කිරීමේ ප්‍රයත්නයක්" මෙන්ම "තමාට එරෙහි විශාල කුමන්ත්‍රණයක එක් කොටසක්" වන බව මොහොමඩ් ෂාමි පවසයි.(Mohammad Shami)

"මගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් කෙරෙන ප්‍රකාශන සහමුළින්ම අසත්‍යයක්" ට්විටර් පණිවුඩයක් මගින් ඔහු කියා සිටියි.

හසින් ජහාන් (Hasin Jahan) සිය සැමියාගේ වැඩිමහල් සහෝදරයාට එරෙහිව දූෂණ චෝදනා යටතේ තවත් පැමිණිල්ලක් කර ඇත.

ක්‍රීඩකයාට එරෙහි ඉහත කී චෝදනා හමුවේ තමන් දුෂ්කර තත්වයකට පත් කරනු ලැබ ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ( BCCI )අධීක්ෂණ කමිටුවක් පවසයි.

තවත් පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර