නිදහස් කුසලානය: බංග්ලාදේශය ශක්තිමත් කිරීමට සකිබ් පැමිණේ

Image copyright Getty Images
Image caption සකිබ් අල් හසන් අද (මාර්තු 15) කොළඹට

නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තීරණාත්මක 20-20 තරගයට සහභාගිවීම සඳහා බංගලාදේශ කණ්ඩායමේ නිත්‍ය නායක සකිබ් අල් හසන් බ්‍රහස්පතින්දා (මාර්තු 15)කොළඹට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවට පැමිණෙන සකිබ් අල් හසන් බොහෝදුරට සිකුරාදා ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරගය සඳහා ක්‍රීඩා කරනු ඇති බව බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

අබාධයක් හේතුවෙන් නිදහස් කුසලාන තරගාවලියේ මුල් තරග කීපය ක්‍රීඩා නොකළ තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන සකිබ් අල් හසන් සිකුරාදා පැවැත්වීමට නියමිත තරගයට ක්‍රීඩා කළහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අභියෝගයක් වනු ඇතැයි විචාරකයෝ පවසති.

සිකුරාදා තරගය ජයගන්නා කණ්ඩයාම ඉන්දියාව සමග ඉරිදා (මාර්තු 18) පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර ශ්‍රී ලංකා කණ්ඩයාම එම තරගය ජයගැනීමට හොඳ සුදානමකින් පසුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරා මාධ්‍යය හමුවේ කියා සිටියේ.

සිකුරාදා පැවැත්වීමට නියමිත තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ද වෙනස්කම් එකක් හෝ දෙකක් සිදුවනු ඇතැයි වාර්තාවේ. පිතිකරන අංශය ශක්තිමත් කිරීම සඳහා ධනංජය සිල්වා වේග පන්දු යවන්නෙකු වෙනුවට කණ්ඩායමට එක්වනු ඇතැයි වාර්තාවේ.

පසුගිය පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර