බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායමෙන් හොඳ ආරම්භයක්

Image copyright ICC
Image caption මෙවර ලෝක කුසලාන තරඟාවලියට රටවල් දහයක් සහභාගී වෙති

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වෙනි තරඟය අද ඉරිදා (ජුනි 02) ලන්ඩන් නගරයේ ඕවල් ක්‍රීඩාංගණයේ ආරම්භ විය.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ් කණ්ඩායම නියමිත ඕවර් පනහ අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 330 ක් ලබා ගැනීමට සමත් විය.

අනතුරුව සිය ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 331 ජයග්‍රාහී ඉලක්කය කරා ලුහුබඳිමින් සිටිති.

පසුගිය මැයි 29 දින ආරම්භ වූ මෙම තරගාවලිය මේවනවිට කෙමෙන් උණුසුම් අතට හැරෙමින් පවතී.

සත්කාරක රට වන එංගලන්තයේ ක්‍රිකට් කණ්ඩායම සමාරම්භක තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කරමින් සිය රටේ ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර ඉමහත් බලාපොරොත්තුවක් රැඳවු බව ක්‍රීඩා විස්තර විචාරකයෝ පවසති.

එංගලන්ත කණ්ඩායම එම තරඟයේ දී ලකුණු 311 වාර්තා කළ අතර පිළිතුරු ඉනිම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් රැස් කරන ලද්දේ ලකුණු 207 ක් පමණි.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් පරාජයට පත් විය.

ඕවර් 29.2 කට සීමා වූ ශ්‍රී ලංකා ඉනිමේ දී ලකුණු පුවරුව ලකුණු 136 කට සීමා විය.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 137 කිසිවකු නොදැවී ඕවර් 16.1 කදී ලබා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

එම පරාජයට සිය කණ්ඩායමේ පිතිකරුවන් වගකිව යුතුයයි නායක දිමුත් කරුණාරත්න මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

කියවන්න;

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර