සංගාගේ 'ආශ්චර්යාත්මක ශතකය' එංගලන්ත පිලේ ප්‍රසාදයට

Kumar Sangakkara
Image caption 'මෙවැනි අති දක්‍ෂ ක්‍රීඩකයකු හමුවේ ලබන පරාජය ගැන එතරම් කම්පා වීමට තරම් හේතුවක් නැහැ'

එංගලන්තයට එරෙහිව ලන්ඩනයේ ඕවල් පිටියේදී පැවැත්වුන චැම්පියන්ස් කුසලාන තරඟයේදී, කුමාර් සංගක්කාර වැනි විශිෂ්ට පිතිකරුවකුගේ ආශ්චර්යාත්මක ශතකය හමුවේ ලද පරාජය පිලිබඳ සිත් තැවුලට හේතුවක් නොමැති බව එංගලන්ත පිළේ නායක ඇලිස්ටර් කුක් පවසයි.

පන්දු 135 කට මුහුණ දෙමින් හිටපු නායක සංගක්කාර නොදැවී ලකුණු 134 ක් රැස් කිරීම හේතුවෙන් එංගලන්ත පිලට කදුළු හතක පරාජයක් අත් විය.

ආරම්භක පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර හතරවැනි විකට්ටුට්වා සඳහා පන්දුවට පහර දීමට පිටියට පිවිස පන්දු 38 කට මුහුණ දී වේගවත් ලකුණු 58 ක් රැස් කිරීමත් තරඟයේ කැපී පෙනුණ සිදුවීමක්.

තරඟයෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ එංගලන්ත පිළේ නායක ඇලිස්ටර් කුක් කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කළ කාර්ය භාරය පිළිබඳව සඳහන් කරමින් කියා සිටියේ, "සමහර අවස්ථාවලදී මෙවැනි අති දක්‍ෂ ක්‍රීඩකයකු හමුවේ ලබන පරාජය ගැන එතරම් කම්පා වීමට තරම් හේතුවක් නැහැ" බවයි.

තරඟය පිලිබඳ ප්‍රතිචාරය පළ කරන එංගලන්ත පිලේ හිටපු නායක ඇලෙක් ස්ටුවර්ට් "සංගක්කාර සිය විශිෂ්ඨත්වය ප්‍රදර්ශනය කළ අතරම, කණ්ඩායමේ අනෙක් පිතිකරුවන්ද ඔහුට සහාය දෙමින් පිතිහරඹයේ යෙදී සිටි බව," කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර