ග්‍රේම් ස්වෝන් ජාත්‍යන්තර පිටියෙන් සමු ගනී

Image caption ග්‍රේම් ස්වෝන් අනපේක්ෂිත ලෙසින් සමු ගැනීම නිවේදනය කළේ සංචාරයේ තරඟ දෙකක් ඉතිරිව තිබියදී

ජාත්‍යන්තර සහ මුල් පෙලේ ක්‍රිකට් තරඟවලින් වහාම සමු ගන්නා බව ලොව ප්‍රධාන පෙලේ දඟ පන්දු යවන්නකු වන ග්‍රේම් ස්වෝන් නිවේදනය කළේය.

එංගලන්ත කණ්ඩායමේ පන්දු යවන්නාගේ එම අනපේක්ෂිත නිවේදනය කෙරුනේ ඔහු අළු බඳුන තරඟාවලිය වෙනුවෙන් ඔහු ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටියදී.

එංගලන්තය දැනටමත් තරඟාවලියෙන් පරාජය වී තිබෙන නමුත්, තවත් ටෙස්ට් තරඟ දෙකක් ඉතිරිව තිබේ.

ග්‍රේම් ස්වෝන්, ටෙස්ට් තරඟ හැටකට සහභාගි වී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කඩුලු දෙසිය පනස් පහක් (255) දවා ගෙන තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර