අළු බඳුනෙන් එංගලන්තයට අන්ත පරාජයක්

Image caption අළු බඳුන ඉතිහාසය තුල එය 5-0 කින් පරාජය වීම සිදු වී තිබෙන්නේ තුන් වතාවක් පමණයි

ඕස්ට්‍රේලියාවේ පැවැත්වුන අළු බඳුන තරඟාවලියේ අවසාන තරඟයත් පරාජයට පත් වීමත් සමඟම එංගලන්ත කණ්ඩායමට තරඟාවලියෙන් 5-0 ක අන්ත පරාජයක් හිමි විය.

ක්‍රීඩාලෝලීන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී තිබුණු සිඩ්නි නුවර ක්‍රීඩාංගනයේදී එංගලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු එක සිය හැට හයකට (166) දවා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම, ඒ සමඟම ලකුණු දෙසිය අසූ එකකින් (281) තරඟයේ ජය අත් කර ගත්තේය.

අළු බඳුන තරඟාවලියේ වසර එක සිය තිහක ඉතිහාසය තුල එය 5-0 කින් පරාජය වීම සිදු වී තිබෙන්නේ තුන් වතාවක් පමණයි.

ඒ අවස්ථා තුනේ දීම ජයග්‍රාහකයා වූයේ ඕස්ට්‍රේලියාවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර