ලසිත් මාලිංග නායකත්වයට

Image copyright AFP
Image caption පන්දු වාර විස්ස යැවීම පිණිස නියමිත කාලයට වැඩි කාලයක් ගත කිරීම තරඟ තහනමට හේතුවයි

ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එක් තරඟ තහනමක් පැනවීමෙන් අනතුරුව එම තරඟය සඳහා ලසිත් මාලිංග නායකත්වයට පත් කොට තිබේ.

තරඟ තහනම හේතුවෙන් ලබන සඳුදා නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරඟයේ නායකත්වය දැරීමට දිනේෂ් චන්දිමාල්ට අවස්තාව නොලැබේ.

චන්දිමාල් ගෙන් හිස් වන ස්ථානයට ලහිරු තිරිමාන්න කැඳවා තිබේ.

බ්‍රහස්පතින්දා එංගලන්තය එරෙහිව පැවති තරඟයේදී නියමිත පන්දු වාර විස්ස යැවීම පිණිස ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලයට වැඩි කාලයක් ගත කිරීම දිනේෂ් චන්දිමාල්ට තරඟ තහනම පැනවීමට හේතුවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර