චෝදනා පරයා ශ්‍රීනිවාසන් ICC සභාපති ධුරයට

Image copyright AFP
Image caption නාරායනස්වාමි ශ්‍රීනිවාසන්

'මම කිසිම වැරැද්දක් කරලා නැති නිසා මේ තනතුර භාර ගන්නේ නැතුව ඉන්න ඕනේ කියල වරද කාරී හැඟීමක් මට නැහැ' ICC නව සභාපති නාරායනස්වාමි ශ්‍රීනිවාසන් පවසයි.

ඉන්දියානු ව්‍යාපාරිකයකු වන නාරායනස්වාමි ශ්‍රීනිවාසන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපති ලෙස පත් වීමෙන් අනතුරුව කියා සිටියේ ලෝකය පුරා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට මෙන්ම ලෝකයේ විවිධ පැති වල ක්‍රීඩාව දියුණු කිරීමට කටයුතු කිරීමටත් තමන් බලාපොරොත්තු වන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මාධ්‍යයට තම අදහස් පළ කිරීමේ පුර්ණ අයිතියක් ඇතත් ඔප්පු නොවූ චෝදනා මත පදනම්ව තමන් සම්බන්ධයෙන් ප්‍රචාරය කරන ප්‍රතිරූපය තමාගේ විශ්වාසයට විරුද්ධ බවයි.

ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තාවකාලිකව අත්හිටුවන ලද ශ්‍රීනිවාසන් තවමත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ වලට මුහුණ දෙමින් සිටියි.

ඕස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමකදී ශ්‍රීනිවාසන් මෙලෙස ICC සභාපති ධූරයට පත් කොට තිබේ.

පසුගිය මාර්තු මාසයේ දී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට විරුද්ධව ඇති ක්‍රිකට් දූෂණ චෝදනා විභාග කොට අවසන් වන තෙක් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තනතුරෙන් ඉවත් වන ලෙස ශ්‍රීනිවාසන්ට නියෝග කරන ලදි.

2013 ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී සිදු කළ බවට නැගෙන මෙම දූෂණ චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර