මාවන් අතපත්තු නව ක්‍රිකට් පුහුණුකරු

  • 2014 සැප්තැම්බර් 24
Image copyright AFP

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස මාවන් අතපත්තු පත්කරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

නව පුහුණුකරු තෝරා ගැනීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඒකමතිකව අනුමත කළ බවයි, ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මේ අනුව 1999 දී රෝයි ඩයස් පුහුණුකරු තනතුර හෙබවීමෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයකු ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථිර පුහුණුකරු තනතුරට පත්කෙරුණු පළමු වතාව මෙයයි.

1996 දී ඩේව් වට්මෝර් පුහුනුකරු පදවිය දැරීමට පෙර දුලිප් මෙන්ඩිස් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු පදවිය දැරීය.

2011 ලෝක කුසලානයෙන් අනතුරුව ට්‍රෙවර් බේලිස් ඉල්ලා අස්වූ අවස්ථාවේ රුමේෂ් රත්නායක තාවකාලික පුහුණුකරු වශයෙන් පත් කෙරිණ.